තමන් විසින් නියමිත ප්‍රමාණයට දළු කැඩුවද එය නොතකා දින භාගයක් සදහා වැටුප් දැමිමකට එරෙහිව මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් 10වන දින එම වතුයායේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම උද්ඝෝෂණකරුවන් පවසනුයේ පසු ගිය 28, 29, 30, 31 යන දිනවලදි නියමිත තේ දළු ප්‍රමානයට වඩා එනම් ක්‍රිලෝ 19 බැගින් කැඩුවද තමන්ට දින භාගයක් සදහා වැටුප් ගනනය කර ඇති බවත්ය.

මෙම තත්වයන් මත තමන්ට ලැබිය යුතු නිසි වැටුප නොලැබෙන බවත් එයට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණ පවත්වන බවත්ය.

එහෙත් මෙම අවස්ථාවේදි වතු අධිකාරි මහතා පැමින මෙය පරිගණකයේ ඇතිවි තිබෙන දෝෂයක් බැවින් එය නිසි ලෙස සකස් කර නියමිත පරිදි වැටුප් ලබා දිමට පියවර ගන්නා බවට එම වතු කම්කරුවන්ට පැවසිමෙන් පසුව එම පිරිස උද්ගෝෂන නවතා නැවත සේවයට යන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts