මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා  ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ.

අංක 2146/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ මෙය නිකුත් කර තිබේ.

ඒ් අනුව කොළඹ, ගම්පහ,කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර,හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවලට අයත් වේ.

මීට අමතරව මමහජන සාමයහනුවර, මාතලේ, කිළිනොච්චිය,වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර හා කෑගල්ලයන පරිපාලන දිස්ත්‍රික්ක ද මහජන සේවය පවත්වාගෙන යාම සදහා වන නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවලට අයත් බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වේ.

ශානි පොල්ගම්පල

More Stories