මහර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සහ කළ රැඳවියෙකු අද (03) අලුයම මිය ගොස් තිබේ.
රැඳවියන් හත් දෙනෙකු පමණ අද (03) අලුයම 2.30 – 3.00 ත් අතර කාලයේදි ලණු හා බෙඞ්ෂිට් ආධාරයෙන් මහර බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂක නිලධාරින් සිදු කළ වෙඩි තැබිමෙන් මොවුන්ට පලා යාමට නොහැකි වි ඇත. මෙහිදි දෙපාර්ශවය අතර පොර බැඳිමක් සිදුව ඇතැයිද පැවසේ.
මෙහිදි එක් රැඳවියෙකු තුවාල වි බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
එහිදි එම රැඳවියා ජිවිතක්ෂයට පත්ව ඇත. මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුද තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇත.
මිය ගිය රැඳවියා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂය අද දහවල් වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරිමට නියමිතව ඇත.
රාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ශානිකා මාධවී