dailyreporter

මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර තිබේ.
ඒ, දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86,162 ක් සඳහායි.

ගොවීන් 129,229 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1292.4ක් ලබාදි ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහන රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බවයි.

පොළොන්නරුව, ගිරිතලේ සහ කවුඩුල්ල මහා වාරි ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම ප්‍රදේශවලට පොහොර සහනාධාරය ලබාදීම ප්‍රමාද කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

Similar Posts