මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ.
මෙම විශේෂ හමුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් හා දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගි වී ඇත.