mathiwarana-komition-sabawa

2024 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වනදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු තහනම් බවයි.

අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් ගණන 8,352ක් වන අතර ඉන් අපේක්ෂකයන් 5,006ක් පක්ෂවලින් ඉදිරිපත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ස්වාධීන අපේක්ෂකයන් 3,346ක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටිනවා.

Similar Posts