කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරී යාම හේතු කොට ගෙන මහජනතාව ගැන සලකා බලා අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණය කල් දමන ලෙස දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවේදී අපේ අවධානය වඩාත් යොමු විය යුත්තේ ජනතාව දෙසට බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය මෙම වෛරසය පැතිරී යාම වැළැක්වීමට අදාළ සියලු පියවර ගන්නා ලෙස රජයට දන්වා සිටියි. ඒ සම්බන්ධයෙන් රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගයන්ට දෙමළ ජාතික සන්ධානය සහය දෙන බවද දන්වා සිටියි.

Similar Posts