මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
මේ වනවිට තීරණය කර ඇත්තේ එළඹෙන ජූනි මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමටයි. එහෙත් පවතින වාතාවරණය මත එදිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.
ඒ අනුව ජූලි මාසයේ අග භාගයේ හෝ අගෝස්තු මස මුල් සතියේ මහ මැතිවරණය පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.