Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය ආසන්නයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්‍රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ.

හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසයි.

නමුත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

More Stories