මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශයක් වන මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැසිමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යටවු මස්කෙළිය පැරනි නගරයේ යටබුන් මතුවි ඇති අයුරු මේ වන විට දැක ගත හැක‍.
මෙම ප්‍රදේශය තුල පැවති වියළි කාලගුණික තත්වයන් මත 14වන දින සවස වන විට මාඋස්සා කැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 52ක් පහලින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
මෙම ජලාශයේ ජල මට්ටම මෙසේ පහල බැසිමත් සමග එම ජලාශය ඉදිකිරිමේදි යටවු පැරනි මස්කෙළිය නගරයේ සියළුම නටබුන් මේ වන විට මත්ව ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts