පසුගිය දින කිහිපයේ ඇඳ හැලුණු මහ වැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ තවදුරටත් ගංවතුරෙන් යට වී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී.කේ මහින්ද පැවසුවේ.

අද පස්වරු දෙකින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි තාවකාලිකව තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

පවතින දැඩි වර්ෂාවත් සමඟ නාය යාමේ දැඩි අවධානමක් මතු විම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව බදුල්ල, හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශය අවට පදිංචිව සිටි පවුල් 244ක් පදිංචි ස්ථාන වලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

ඒ, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම්වරියගේ උපදෙස් මතයි.

More Stories