ගාල්ල, හබරාදුව නිදහස් මාධ්‍යවේදියාට සිදු කළ මැර ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රජාතන්තවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය ඊයේ (14) සවස කොටුව දුම්රියපල ඉදිරිපිටදි විරෝධතාවයක නිරත විය.

ඉකුත් 13 දා රාත්‍රියේ යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු හබරාදුව පදිංචි ලසන්ත විජේරත්න මහතාගේ නිවසට ගොස් තිබේ. ලසන්ත විජේරත්න මහතා නාස්තිකර සංවර්ධනය හා දුෂණය යන මැයෙන් ඉකුත්දා කෘතියක් එළියක් දක්වනු ලැබීය. නිවසට පැමිණි පුද්ගලයින් ඒ පිලිබඳ විමසා ගිනි අවි පෙන්වා ඔහුට තර්ජනය කර පහර දී නිවසටද පහර දී පලා ගොස් තිබුණි.

මේ වන විට ඔහු ගාල්ල ,කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම විරෝධතාව සඳහා මාධ්‍ය සංවිධාන මෙන්ම සිවිල් සමාජ රැසක ක්‍රියාකාරීන් එක්ව සිටියහ.

Similar Posts