hrc

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 83 දෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

More Stories