හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂයේ නායක ලෙස සිටි මවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිලිබදව කදුකර ජනතාවගේ හා සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ ශෝකය පල කරන බව එහි නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක ලෙස කටයුතු කල අභාවප්‍රාප්ත මවෙයි සේනාධිරාජා මහතා සමස්ථ ද්‍රවිඩ ජනතාවගේ පමනක් නොව ශ්‍රිලංකාවේ සිංහල මුස්ලිම් ජනතාවගේද ප්‍රසාදයට ලක්ව සිටි දේශපාලකයකු බවත්ය.

පාර්ලිමේන්තුව තුලදිත් ඉන් පිටදිත් පොදු ජනතාවගේ විවිධ ගැටළු පිලිබදව නොබියව තම අදහස් පලකිරිමට මොහු පියවර ගත් බවත් පක්ෂ භේදයෙන් ජාති ආගම් භේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් කටයුතු කල මාවෙයි සේනාධිරාජා මහතාගේ හදිසි අභාවය මෙරට සමස්ථ ජනතාවටම සිදුවු විශාල පාඩුවක් බවත් ඒ මහතා අභාවය පිලිබදව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ හා සමස්ථ කදුකර ජනතාවගේ බලවත් ශෝකය මෙසේ ප්‍රකාශ කරන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories