අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාම යෑමට තව ඇත්තේ මාස 4 ක් පමණක් නමුත් ඔහුද ඊට කලින් ඉල්ලා විශ්‍රාම යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු එහි සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා බිරිද හා දරු තිදෙනා සමග ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගියේ ඊයේ (24) දහවල්ය.. ඔහුගේ දියණියක ලබන දෙසැම්බර් 2 දා අපොස සාපෙල විභාගයට මුහුණ දීමට නියමිතව සිටියදී පවා ඒ ගැන නොතකා දරු පවුලේ ජීවිතාරක්ෂාව පතා නිශාන්ත සිල්වාට මෙම තීරණය ගැනීමට සිදුව තිබේ.

යාපනය විද්‍යා දැරියගේ ඝාතයින් කොටුකර ගැනීමේ සිද්ධියේ සිටම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිම, කීත් නොයාර්ට පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහර දීම, තරුණයින් 11 කු පැහැර ගැනීම ආදි විමර්ශන රැසක් නිශාන්ත ද සිල්වා මහතා විසින් සිදු කළ හා සිදු කරමින් සිටියහ.

විද්‍යා දැරියගේ සිද්වීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වු මොහු යාපනය මහධිකරණ විනිසුරු ඒම්ගඉලංචේලියන් මහතාගේ න් පවා විවෘත අධිකරණයේදි පැපසුමට ලක් වු පුද්ගලයෙකි.

More Stories