mathiwarana-komition-sabawa

රාජ්‍ය ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී තිබේ.

මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු කොමිසම මෙම දැනුම් දීම කර ඇතැයි සදහන් වේ.

ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් නැති නමුත් ඒ ගැන කොමිසමට කල් තියා දැනුම් දි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුවේ.

මැතිවරණයට පොදුවේ බලපාන පත් කිරීම් සහ මාරු කිරීම් හැර වෙනත් පත් කිරීම් මාරු කිරීම් සඳහා කොමිසමේ අවසරය ඇති බව සඳහන් වේ.

More Stories