mathiwarana komisin sabawa

මහ මැතිවරණයට හදවත ලකුණ කරගත් සමගි ජනබලවේගය නම් සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ.

ඒ  ලියාපදිංචි කර ඇති ‘අපේ ජාතික පෙරමුණ’ නමැති පක්ෂයේ නම  ‘සමගි ජනබලවේගය’ ලෙසින් වෙනස්කිරීමත් එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතාද , ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ලෙස තනතුරු වෙනස්කිරීමේ යෝජනාවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ‘අලියා’ ලකුණින්ම තරගකිරීමට යෝජනා කිරීම නිසා මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව පවතියි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතේදී  රැස් වූ අතර එහිදී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

Similar Posts