mathiwarana komisin sabawa

මැතිවරණය සම්බන්ධ කර ගනිමින් ජනතා මනස විකෘති වන තොරතුරු මාධ්‍ය හරහා පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටියි.මේ අතර සියලුම තේරීම් භාර නිලධාරීන් අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ජනාධිපතිවරණයේ දී රාජකාරී කළ යුතු ආකාරය හා ජනාධිපතිවරණය විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සියලුම තේරීම් භාර නිලධාරීන් මෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීම අගෝස්තු 14 වනදා මධ්‍යහ්න 12ට අවසන් වෙයි.

අගෝස්තු 15 වනදා නාම යෝජනා භාර ගැනීමට නියමිතයි. මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 8ක් ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කරයි.

Similar Posts