Election monitorin in Sri Lanka

මැයි 6 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දදායකයන්ගේ උනන්දුව අවම මට්ටමක පවතින අතර, මෑතදී එක්සත් ජනපදයේ USAID ආයතනය විසින් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති සඳහා ලබාදෙන ආධාර කපාදැමීම හේතුවෙන්, මැතිවරණ නිරීක්ෂණය සඳහා වියදම් ද කප්පාදු කිරීම නිසා, මෙවර මැතිවරණ නිරීක්ෂණය සඳහා යොදන නිරීක්ෂකයන් සංඛ්‍යාව අඩු කර තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් PAFFREL ආයතනය විසින් මෙවර මැතිවරණ නිරීක්ෂණය සඳහා 3,500 – 4,000 අතර පිරිසක් ද, තැපැල් ඡන්ද නිරීක්ෂණය සඳහා 200ක පිරිසක් ද යොදවන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි Sunday Observer පුවත්පතට පැවසීය. මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ හෙවත් CAFFE සංවිධානය විසින් වියදම් දැරීමට අරමුදල් නොමැතිකම නිසා මැතිවරණ නිරීක්ෂකයන් යොදවන්නේ නැති බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පවසයි.

පළාත් පාලන මැතිවරණ සඳහා ජාතික මැතිවරණවලදී මෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයන් යොදවන්නේ නැත. වෙනදා මෙම මැතිවරණ සඳහා 5,000කට වැඩි නිරීක්ෂකයන් පිරිසක් යොදවනු ලැබේ.

More Stories