bus2

මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කිර්මට දේශපාලන පක්ෂ විසින් දිනකට පෞද්ගලික බස් රථ දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මුදල් ගෙවා අදාළ බස් රථ ලබා ගන්නා බවත් මීට අමතරව ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදී බස් රථ ලබා දීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

දෛනිකව පැවැත්වෙන රැස්වීම සඳහා ජනතාව ප්‍රවාහනය කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ බස් රථ ලබා ගත්තත් මගී ජනතාව දුෂ්කරතාවන්ට පත්වීම වැළැක්වීම සඳහා බස් රථ කළමනාකරණය කර ගනිමින් අදාළ ධාවන කටයුතු සිදුකරන බවද පැවසීය. ඕනෑම පක්ෂයකට බස් රථවලට මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් එහෙත් බස් රථවල ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක ස්ටිකර් ඇලවීමට කිසිදු දේශපාලන පක්ෂයකට හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.

Similar Posts