වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා  කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත.

වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක ආගමන විගමන බලධාරීන් පැවසුවේ.

චීනයේ ක්‍රියාත්මක වී-චැට් නමැති සමාජ මාධ්‍ය ජාලයේ ගිණුමක් අරඹා , චීන ජාතික සුරූපී තරුණියකගේ ජායාරූපයක් යොදා ගනිමින් කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මෙම මිනිස් ජාවාරමේ නිරතව සිට ඇත.

More Stories