dailyreporter

අද (19) දින අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අතර, දේශපාලඥයින් ,ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින් සිටී.

මතුගම පාන්තියේ පාළම අසල ගං වතුරට යට වූ අවස්ථාවේ දී ඔහු පොලිසියේ ද අණ නොතකා වීර වික්‍රමාන්විතව ජනතාව එතෙර මෙතෙර කිරීමට දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකි විය.

ඔහු පාර්මේන්තු සාමාජික භාවය ඉක්මවා ගොස් සැබෑ ජනතා සේවකයෙකු ලෙසට ජනතාව අසලින්ම සිටියේය. අනතුරුව සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි කාලයේ දී මතුගමට සංස්කෘතික මධ්‍යස්ථානයක් සාදා දීමට උත්සුක වූයේ ඔහුගේ ප්‍රතිපාදන යොදවමිනි. ඒ අතින් ඔහු සිය ජනතා නියෝජනය උපරිම අන්දමින් ඉටු කළ බව පැවසිය යුතුය. ප්‍රභූ දේශාපාලනය තුළ ඔහු චරිතයක් නොවුවද ජනතා හදවත් තුළ ඔහු නොමැකෙන චරිතයකි.

සිය වැඩිමහල් පුත්‍රයාගේ අකල් මරණයත් සමග දැඩි කම්පාවට පත් පාලිත ඔහු වෙනුවෙන් නොකළ පින්කමක් නොවීය. අවසාන කාලයේ මතුගම කරම්පෑතර ප්‍රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගොස් කෘෂිකර්ම පුනර්ජීවනයට උපරිම දායකත්ව දෙන අතර තුළ එම ගොවිපලේදීම සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. මෙවැනි ශූර වීර චරිත දේශපාලනයේ ලෙහෙසියෙන් බිහිවන්නේ නැත. එය සාමාන්‍ය මිනිසුන් ඉල්ලන දේශපාලනයයි.

 

More Stories