Similar Posts
කණ්ඩායම් වශයෙන් රැස්වෙන්න එපා
ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික කමිටු රැස්වීමේදී මෙම ඉල්ලීම කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී ඇත. පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
අබලන් නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිමට සැලසුම්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමුවි ඇති බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ….
බොරැල්ලේ ආපනශාලා දෙකකට සීල්
බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හමුවූ කොරෝනා ආසාදිතයන් එම අවන්හල්වලින් ආහාර ලබා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි. අදාල රෝගීන්ගේ ගැවසුනු බොරැල්ලේ පිහිටි නේවාසිකාගාරයක පිරිසක්ද කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව බිලියන 170ක ආදායමක් උපයයි
සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම ආදායම 2022 වසරේදී උපයා තිබේ . එලෙස ඉපැයූ ආදායම රුපියල් බිලියන 170ක් වන අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් බව ය. ගෙවුණු වසරේ වැඩිම ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ සේවක පුරප්පාඩු 200 ක් පමණ පැවති පසුබිමක වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද?
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා අනුව අනාරක්ෂිත ආහාරවල බලපෑම නිසා අවුරුදු පතා මිලියන 600ක් දෙනා රෝගී වෙනවා. 420,000ක් වාර්ෂිකව මරණයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති අතර 1980 ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ආහාර සුරක්ෂිතතා නීතිවල හිඟකම නිසා ශ්‍රී ලංකාව ඊටත් වඩා විශාල අභියෝගවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්රමිතීන් සම්බන්ධයෙන්…