කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබූ ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (31) පස්වරුවේ දුරකතනය මගින් දන්වා ඇතැයි වාර්තා වේ.
වර්තමාන ආණ්ඩුව විසින් දියත්කල සංවර්ධන වැඩසටහන් ඇතුලු පසුගිය අවුරැදු හතරේ ප්‍රගතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා කැදවා තිබු මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු මේ පිළිබදව ඇසු ප්‍රශ්ණයකට පිළිතුරැ දුන් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත් මෙම ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිත බවත්ය.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ලංකාවේ තෝරගත් වැඩසටහන් කිහිපයක් සංවර්ධනය කිරීම සදහා ඇමරිකාව විසින් ඩොලර් මිලියන 480ක් ලබාදීමට නියමිතව තිබුනි.