දින කිහිපයක සිට මිහින්තලය විශ්ව විද්‍යාලයතුල පැතිරි යන දරුණු වෛරස් උණ රෝගයකින් සිසුවියක මියයාම හා තවත් විශාල පිරිසකට උණ රෝගය වැලදීම නිසා 02දා සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට පාළනධිකාරිය පියවර ගෙන තිබෙන අතර විශ්ව විද්‍යාල නේවාසිකාගාරතුල සිටින සියළුම සිසු සිසුවියන්ට වහාම පරිශ්‍රයෙන් ඉවත්වීමට කටයුතු කරන ලෙස දන්වා තිබුණි.

විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ව්‍යවහාරික අධ්‍යාපන පීඨයේ ඉගෙනුම ලැබු සිසුවිය මහනුවර ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ජීවිතක්ෂයට පත්වි ඇති අතර තවත් සිසු සිසුවියන් විශාල පිරිසක් අතරේ උණ රෝගය පැතිරියාම නිසා ප්‍රතිකාර ලබන අතර තවත් සිසුවියක අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බව සිසුන් පවසයි.

හදිසියේ පැතිර යන උණ රෝගය නිසා තවත් සිසුන්ට මෙම දරුණු උණ රෝගය පැතිරයාම වැලක්විමේ අරමුණින් දින නියමයක් නොමැතිව වසා දමා දැමීමට පාලනධිකාරිය පියවර ගෙන තිබෙන අතර සමාජ විද්‍යා තාක්ෂන ව්‍යවහාරික හා කළමණාකරන පීඨයන් වසා දමා තිබේ. මිහින්තලය විශ්ව විද්‍යාලයට අයත් පුලියන්කුලම කෘෂි විද්‍යා පිඨය හා සාලියපුර වෛද්‍ය පීඨයට උණ රෝගයෙන් කිසිදු බලපෑමක් සිදුවි නැති බැවින් එම පීඨයන්හි අධ්‍යන කටයුතු සුපුරුදු අන්දමින් දිගටම සිදුවන බව පාලනාධිකාරිය පවවසයි. එමෙන්ම අධ්‍යන පීඨයන්වල වසර අවසානයේ පැවත්වෙන සියළුම විභාගයන් කල් දැමීමටත් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

උණ රෝගයට හේතුව ලෙස සිසුන් සදහන් කරන්නේ විශ්ව විද්‍යාලයේ රැදී තිබෙන අප ජලය බවයි.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු සිසුන් පිරිසක් මෙසේ පැවසුවේය. විශ්ව විද්‍යාලතුල සිටින නේවාසික සිටින සිසු සිසුවියන් භාවිතාකර මුදාහරින අප ජලය විශ්ව විද්‍යාල පරිශ්‍රයතුලම රැදි තිබෙනවා.

ඒවා නිසි අන්දමින් බැහැර කරන වැඩ පිළිවලක් නෑ. මේ අප ජලය තුලින් ඇතිවු බැක්ටිරියාවකින් තමයි වෛරස් උණ හටගන්නේ කියන එක අපිට සැකකරන්න පුළුවන්. සිසුන් දහස් ගණනකගේ ජිවිත දැඩි අවදානම් තත්වයකට පත්වි තිබෙනවා.සිසුවියක් අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.මීට වගකියන්න ඕන කවුද?

තවත් බොහෝ පිරිසකට උණ වැලදි තිබෙනවා. හිස රදය අධික උණ වමනය ක්ලාන්ත ගතිය හා ඇගපත රුදාව මේ උණහි රෝග ලක්ෂන බව සිසුන් පැවසුහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

More Stories