මිගමුව මහා නගර සභාවට අයත් සුපිරි සාප්පු සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ.
එහි ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ
බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්විය. මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීම මත සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊයේ (18 ද) උදේ වසා දමන ලදී.