මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වය මත හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින අධික මීදුම් තත්වයන් හේතුවෙන් එම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය.
මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වනඑම නිලධාරියා පවසන ලද්දේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරලයිනා, වටවල, දියගල, කඩවල, රොසැල්ල ප්රදේශවලද හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, පතන, දිඹුල, රදැල්ල, නානුඔය යන ප්‍රදේශවල හා තවත් මාර්ග කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.
විටින් විට පවතින මෙම දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානම් තත්වයන් වැඩි බවත් මෙම තත්වයන් හේතුවෙන් මෙකි මාර්ගවලරථ වාහන ධාවනය කරවිමේදි ඉදිරි පස ලාම්පු දල්වාගෙන ඉතාමත් පරිස්සම්කාරිව රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් පියවර ගතයුතු බවද එම නිලධාරියා තවදුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා