ship

නැවත වරක් මෙරටට බලපෑ උග්‍ර ඉන්ධන අර්බුදය මධ්‍යයේ ඊළඟ ඩීසල් හා පෙට්‍රල් නෞකා මෙරටට පැමිණෙන්නේ ලබන 16 සහ 21 වන දා දිනයන්හිදී බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගයක් අනාවරණය කළේ ය.

මෙරට ඩීසල් සංචිත දැඩි ලෙස මේ වන විට පහත වැටී ඇති අතර මීට යම්තාක් දුරක හෝ සහනයක් ලැබෙන්නේ ලබන 16 වන දා මෙරටට පැමිණෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 තොගය ගොඩබෑමෙන් පසුව බව ද එම අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

පෙට්‍රල් නෞකාවක් නැවත මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන 21 වන දා වන අතර එලෙස පැමිණෙන නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000කි.

More Stories