2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා එක් ගොවියෙකුට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් 25,000ක මුදලක් වැය කිරීමට නියමිතයි.

මෙවර අතරමැදි කන්නයේ දී අක්කර 63,750ක මුං ඇට වගා කිරීමට සැළසුම් කර තිබේ.ඒ අනුව වාරිමාර්ග යටතේ අක්කර 40,000ක්, මහවැලි යටතේ අක්කර 16,250ක් සහ අන්තර් පළාත් යටතේ අක්කර 7,500ක මුං ඇට වගා කිරීමට සැලසුම් කර තිබේ.

Similar Posts