mask

බාවිතා කරන ලද මුඛ ආවරන හැටන් දික්ඔය ප්‍රදේශයන් තුල තැන තැන දැමිමත් සමග මෙම ප්‍රදේශයන් තුල විවිධ ලෙඩ රෝග බෝවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙම ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයන්ට පිටතින් පැමිනෙන සමහර පිරිස් ඔවුන් විසින් බාවිතා කරන ලද මුඛ ආවරණ මෙම ප්‍රදේශයේ තැන තැන දමා යාම පුරුද්දක් කර ගෙන ඇති බවත්ය.

මෙසේ බාවිතා කරන ලද මුඛ ආවරණ තැන තැන දමා යාම තුලින් මෙම ප්‍රදේශයන් තුල කොවිඩ් වසංගතය මෙන්ම වෙනත් විවිධ ලෙඩ රෝගද පැතිර යාමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් හේතුවෙන් බාවිතා කරනු ලබන මුඛ ආවරණ තැන තැන දැමිමෙන් වලකින ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත්ය.

මෙම ප්‍රදේශයන් තුල සෞඛ්‍ය ආරක්ෂාව නගර සභාවට හෝ පොලිසියට පමනක් කල නොහැකි බවත් මෙහි සෞඛ්‍ය ආරක්ෂා කර ගැනිමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බවත් එම තත්වයන් මත තම තමන් බාවිතා කරනු ලබන මුඛ ආවරණ බාවිතයෙන් පසු තම නිවෙස්වලම පුලුස්සා දැමිමට පියවර ගන්නා ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

a newspaper, about newspaper, ada news paper, ada newspaper, ada sinhala news, advertise in newspaper, delivery newspaper, divaina, epaper, epaper news,
epaper the news, epaper today, headlines newspaper, i newspaper, in the papers today, newspaper headline today, newspaper near me,
newspaper old, www newspaper,

Similar Posts