law

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිධූරයට පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මුජුබර් රහ්මාන් මහතා ගොනුකළ පෙත්සමෙන් පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධූරයට පත්කිරීමේ ක්‍රියාවළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකර නොමැති බවයි.

තෙන්නකෝන් මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දරන අවස්ථාවේ පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලැබීමත්, 2022 වසරේදී ගාලුමුවදොර විරෝධතාවට එල්ලවූ ප්‍රහාරය ඇතුලු තවත් කරුණු මත පදනම්ව ඔහුගේ ධූරයේ වගකීම ඉටුකිරීමට අපොහොසත්වී ඇති බවද පෙත්සමේ සඳහන්ය.

More Stories