සිඟිත පාතාලය ලෙස හදුන්වමින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, ලක්‍ෂ ගණනක් දෙනා ඒවා නරඹා ඇති බවත් පාසල් යන වයසේ දරුවන් ප්‍රචණ්ඩකාරීව එකිනෙකාට චෝදනා කරමින් මැරවරයින් ලෙස හැසිරෙන ආකාරය ඒවායේ දැක්වෙනවා.

ඇතැම් දර්ශන ඡංගම දුරකතන ඔස්සේ ඔවුන් විසින්ම පිළියෙල කල ඒවා බව පැහැදිලි වුවද ඇතැම් දර්ශන කාගේ හෝ උපදෙස් මත නිර්මාණය වී ඇති බවක්ද දක්නට ලැබෙනවා.

මෙම දර්ශණ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන පුද්ගලයින් වහාම හදුනා ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.

එම දර්ශනවල පෙනී සිටින දරුවන් සම්බන්ධයෙන්ද සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සදහන් වෙයි.

More Stories