කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් කල්පිටිය එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ දැක්වෙයි.

මීට අමතරව, එම වෙරළතීරයන්ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකියි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Similar Posts