dailyreporter

ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයකු දැඩි ලෙස අසනිපව රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බවත් එම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ 24වන දින නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ රතු අම්බලම අසලදි මෙම පුද්ගලයා කතා කර ගැනිමටවත් නොහැකි ලෙස දැඩි අසනිප තත්වයෙන් පසුව ඇති බවත් එම අවස්ථාවේදි නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් විසින් මෙම පුද්ගලයා ප්‍රථිකාර සදහා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්ය.
එම පුද්ගලයා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බවත් ඔහුගේ අනන්‍යතාවය හෙලිකර ගැනිමට රෝහල් බලධාරින්ටද නොහැකිවි ඇති බවද ඔහු පැවසිය.
අවුරුදු 55ක් පමන වයසැති මෙම පුද්ගලයාගේ මල සිරුර මේ වන විට දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ තැන්පත් කර ඇති බවත් මෙම පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් දන්නේ නම් නල්ලතන්නිය පොලිසියට හෝ දික්ඔය ග්ලැන්කන් රෝහලට පැමිනෙන ලෙස ඉල්ලා සිටින බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories