curfew areas in sri lanka

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් පසු ගිය අගොස්තු මාසය තුලදි හමුවු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයට වඩා මෙම මාසය තුලදි හමුවන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය අගොස්තු මාසය තුලදි මෙම නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 46 දෙනකු හමුවි ඇති බවත් එයට සාපේක්ෂව මෙම මාසය තුලදි හමුව ඇති ආසාදිතයන් ප්‍රමානය අඩුව ඇති බවත්ය.

ඉදිරියේදිද මෙම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදිමට පියවර ගතහොත් මෙම ප්‍රදේශයේ කොවිඩ් වසංගතය තුරන් කල හැකි බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මේ අතර බගවන්තලාව කර්කස්වොල්ඩ් වතුයායෙන් නව කොවිඩ් ආසාදිතයන් 16 දෙනකු හමුවිමත් සමග එම වතුයායේ හැට දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව කර්කස්වොල්ඩ් වතුයායේ පිරිසක් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවත් එම පි. සි. ආර්. වාර්ථා ලැබිමෙන් පසු එම වතුයායේ 16 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බවත්ය.

එසේ හදුනා ගත් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර සදහා යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ඇති හැට දෙනකු ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts