election

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා පරමාධිපත්‍යයේ බහුතර බලය කාන්තාවන් විසින් හිමිකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා පවසයි.

ජනාධිපති මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී ඇති ඒකාබද්ධ ඡන්ද සංඛ්‍යාව 903163ක් වන අතර එයින් 51.76%ක් එනම් 467446ක් කාන්තා ඡන්දදායිකාවන් යැයි ඒ මහතා පෙන්වා දෙයි.

මෙවර ඡන්ද හිමි පිරිමි ඡන්දදායකයින්ගේ ගණන 435717ක් බවත් එනම් 48.24% බවත් ඒ අනුව පිරිමි ඡන්දදායකයින්ට වඩා 31729 එනම් 3.52%ක කාන්තා ඡන්දදායකයිකාවන්ගේ වැඩිවීමක් පෙන්නුම්කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් විශේෂත්වය වී ඇත්තේ ඡන්දහිමි අයගෙන් 1.74%ක් එනම් 15689කට ජාතික හැඳුනුම්පත් නොමැතිවීම බවත් ඒ අනුව ඡන්ද පාවිච්චි කිරීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව අනුමත කර ඇති විකල්ප හැඳුනුම්පත් භාවිත කිරීමට සිදුවන බවත් ඒවාද නොමැති වුවහොත් එකී පිරිසට ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 903163ක් බවත් එය පසුගිය ජනාධිපති මැතිවරණයට තිබූ සංඛ්‍යාවට වඩා ඡන්ද 44414ක වැඩිවීමක් බවද ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා පවසයි.

පසුගිය 2019 ජනාධිපති මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 858749ක් වූ අතර මෙවර එම ගණන 903164ක් වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

Similar Posts