මෙවර ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය ස්ථිර බව ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා පවසයි.
ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
රනිල් වික්‍රමසංහ මහතා මෙවර ජනාධිපති මැත්වරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ රට යම් ස්ථාවරයකට ගෙනත් එය තව දුරටත් ඉදිරියට ගෙන යාමටයි.
අපි කවුරුත් දන්න දෙයක් තමයි මේ රට මෙයට අවුරුදු දෙකකට පමන පෙරදි තිබුන තත්වය එදා මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ප්‍රකාශයට පත් වෙලා දැඩි ආර්ථික අර්බුදයකට පත් වෙලා තිබුනේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට බාර ගන්න කියද්දි අද මේ රටේ පාලන බලය ඉල්ලන සමහර අය බයේ පැනලා ගිහින් හැංගුනා.
එත් එදා ඒ අර්බුදය හමුවේ මේ රට බාර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා ඔහු තුල පවතින පලපුරුද්ද මත ඉංදියාව ඇතුළු විවිධ රටවල සහයෝගය මත මේ රට යථා තත්වයන්ට පත් කර මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා දිමට පියවර ගත්තා එය මේ රටේ ජනතාවට හොදට මතකයි.
එම නිසා මෙවර පැවැත්වෙන ජනාධිපති මැත්වරණයේදි කවුරු පම්පෝරි ගැහැවුවත් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහකට මේ රටේ පාලන බලය ලබා දිමට මේ රටේ ජනතාව සුදානමින් ඉන්නේ එම තත්වයන් මත 21වන දින පැවැත්වෙන මැතිවරණයේ ප්‍රථිපල මත 22වන දින මේ රටේ නව ජනපති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම බව ස්ථිරයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories