මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ පාර්ලීමේන්තුවේ මංත්‍රිවරුන් 54 දෙනකු සිටි විපක්ෂ නායකවරයා මේ රට බාර ගන්න බාර නොගත් අවස්ථාවේදි  වත්මන් ජනාධිපති මේ රට බාර ගෙන නැවත සංවර්ධනය කරා ගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරිමේ රැස්විමක් අමතමින් මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පැවසිය.

අද දක්ෂ පිරිසක් ඉන්න බව කියන විපක්ෂය එදා මේ රටේ ආර්ථිකය කඩා වැටිලා නිතිය වල්වැදිලා තියෙන කොට මේ රට බාර ගන්න කියද්දි මේ විපක්ෂයේ සිට අද රට බාර ගන්න ඉල්ල දෙගොල්ම මේ රට බාර ගත්තේ නැහැ.

එදා ඒ අය වේවුල වේවුලා හිටියේ මේ කඩා වැටුන රට බාර ගත්තොත් තම දේශපාලන ගමන වල පල්ලට වැටෙයි කියලා බයට එදා මහ දවල් මංත්‍රිවරයකු මහ පාරේ මරද්දි මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියද්දි පාර්ලිමේන්තුව ගිනි තියන්න හදද්දි මේ රටට මෙහෙම වෙන්න දෙන්න බැහැ මේ රට බේර ගන්න ඕන කියන මතය මත මේ රට බාර ගත්තේ එදා පාර්ලීමේන්තුවේ තනිව සිටි රනිල් වික්‍රමිංහ මහතායි.

එදා පැවති අසිරු තත්වය මත මේ රට බාර ගෙන ආන්ඩු පක්ෂයේ අයගේ සහයෝගය මත අයි.එම් .එෆ්. එක සමග කතා කරමින් ඔවුන්ගේ සහායෝගය ලබා ගෙන තෙල් පොලිම් ගැස් පොලිම් නැති කරන්න හදන විටත් සමහර කුහක පිරිස් මේ රටට ඩොලර් එවන්න එපා කියද්දි මේ රට අද පවතින මේ තත්වයට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහතායි.

එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තේ නැතිනම් මේ රට බංගලිදේශයට වඩා හපන් වෙනවා එත් මේ රටේ පොදු ජනතාවගේ නිති ගරුක ජනතාගේ වසනාවට රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගෙන ගැස් පොලිම් තෙල් පොලිම් කිරි පිටි පොලිම් නැති කරලා මේ රට යම් තත්වයකට ගෙන ආවා.

එම නිසා මේ රට තව දුරටත් සංවර්ධනය කිරිමට තවත් අවුරුදු පහකට මේ රට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දිමට මේ රටේ ජිවත්වන සියලුම දෙනා පියවර ගත යුතුයි මොකද මේ රට වෙනත් අයකුට ගියෝත් සිදු වන්නේ මේ රට නැවත විනාශයට පත් විමයි.

එම විනාශය වලක්වා ගෙන මේ රට තවත් සංවර්ධන කිරිම සදහා මෙවර ජනාධිපති මැතිවරණයේදි ඔබලාගේ වටිනා ඡන්ද ගෑස් සිලින්ඩරයට ලබා දිලා රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් කිරිමට පියවර ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts