කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රථය වනරජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහි සිටි තිදෙනකු තුවාල ලබා ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ප්‍රථිකාර සදහා ඇතුලත් කල බවත්ය.

මේ වන විට මෙම ප්‍රදේශයට පවතින මද වැසි හා දැඩි මීදුම් තත්වයන් මත මෙම මෝටර් රථය මෙසේ අනතුරට පත්වන්නට ඇතැයි සැක සිතන බවත් මේ පිලිබද වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලගහේවා – හැටන්

Similar Posts