ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඔහු 1892 වසරේදී ඉන්දීය දාර්ශනිකයෙකු වූ ස්වාමි විවේකානන්ද භාවනා කළ ස්ථානය වන තමිල්නාඩුවේ කන්‍යාකුමාරි හි සුප්‍රසිද්ධ විවේකානන්ද පාෂාණ අනුස්මරණ ස්ථානයේ “ධ්‍යාන් මණ්ඩපයේ” දී භවනා කරන බව සඳහන්.

අගමැති මෝදී අද (01) පස්වරු කාලය වන තෙක් භාවනාව සිදු කරන අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද අද(01) දිනයේදීයි.

Similar Posts