Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

More Stories