මෑත කාලයේ සිදු වූ ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවෙක් බත්තරමුල්ල, සුබිතපුර ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත  සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස නම් දරා ඇති ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු මෙන්ම රිවෝල්වර් වර්ගයේ හඳුනා නොගත්    ගිනිඅවියක් සමග  අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.
මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300, තියුණු ලෙස කැපෙන කඩු 2ක් ,මන්නා පිහියක්, ව්‍යාජ වාහන අංක තහඩු 2ක් , හඳුනා නොගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, යකඩ පොලු 2ක් සිදුකළ වැටලීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
 දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධව සිටින යකා සම්පත් නැමැති මෙම සංවිධානයක අපරාධකරු මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාට ලද තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා  පරික්ෂා කිරීමේදී නිවසේ තැන තැන සඟවා තිබූ මෙම මත්කුඩු සහ ආයුධ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
 අත්අඩංගුවට පත්වු සැකකරු අපරාධ වාර්තා කොට්ඨාසයට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බවත් පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් ඇසට වැලි ගසා කට්ටි පනිමින් සිටි අයෙක් බවත් ඔහුට විරුද්ධව ගිනි අවි ළඟ තබා ගැනීම, වාහන මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම ආදී චෝදනාවන් රැසක ට  අධිකරණ නඩු පවතින බව පොලිසිය  වැඩිදුරටත් පැවසීය.
 වයස අවුරුදු 41  වන සැකකරු කඩුවෙල අධිකරණ ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත ඉදිරි පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
සමීර අබේසිංහ  – බොරලැස්ගමුව

More Stories