death

13වන දින සවස මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබු මෙම තරුණයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවත් ඔහුගේ තත්වය බරපතල වුයෙන් එම තුවාලකරු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බව මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලින් කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බරපතල තුවාල ලබා ගෙන ලද එම තුවාලකරු මිය ගිය බවත්ය.

මස්කෙළිය කුව්න්ස්බේරි වතුයායේ පදිංචි අවුරුදු 21 වයැසැති රාජ්කුමාර් සුමන් යන මෙම තරුණයා යතුරු පැදියෙන් ගමන් කරන විට මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේදි යතුරු පැදිය විදුලි කනුවක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවත් මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts