weather

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

‘යාස්’ නැමැති එම සුළි කුණාටුව අද දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ දත්තවල සඳහන් වේ.

එම නිසා මෙරට මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට දැනුම් දෙයි.

පවතින අදික අධික වැසි සහිත කාලගුණයත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාර්තා වී තිබේ.

මේ නිසා රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කලුගඟේ මුවගම ප්‍රදේශයේ පිහිටි ජල මාපකයේ රාත්‍රි 8.00 වන විට මීටර් 6.2ක් සටහන්ව තිබූ අතර ගංවතුර මට්ටම මීටර 8.5ක් වෙයි.

මේ අනුව එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 3ක කාලය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම් දෙයි.

පැය හතරක කාලයක් ඇතුළත , කුරුගඟ, වේගඟ, දෙවක් ගඟ හා නිරි ඇලිගඟේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඊයේ (24 වැනිදා) පස්වරුව වන විට වැඩි වී තිබුණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙමින් තිබූ අතර ඊයේ (24 වැනිදා) රාත්‍රියේද වැසි ඇදහැලෙමින් තිබුණි.

More Stories