යුක්‍රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්‍රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි.

රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල් පිරිපහදුවක තාක්ෂණික කාමරයක ගින්නක් හටගෙන ඇති බව එම නගරයේ නගරාධිපතිවරයා පවසයි.

රුසියානු අගනුවර සිට සැතපුම් 75 ක්  දුරින්, ට්වර් කලාපයේ, කොනකෝවෝ විදුලි බලාගාරයට සමීපව විශාල පිපිරීම් ශබ්දයක් ඇසී තිබුණා.කොනකොව්ස්කි දිස්ත්‍රික්කයේ ප්‍රහාරයක් නිසා ඇති වූ ගින්න මැඩපවත්වා ඇති බව එම කලාපයේ ආණ්ඩුකාර ඉගෝර් රුඩෙන්යා පවසයි.

Similar Posts