අමෙරිකාව සපයන ලද දිගුදුර මිසයිල මඟින් යුක්ක්‍රේනය තම භූමියට ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු රජය පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව විසින් අවසර ලබා දී දිනකට පසු මෙලෙස යුක්‍රේනය විසින් රුසියාවට ප්‍රථමවරට ප්‍රහාර එල්ල කර ඇති බවයි.

රුසියාව පවසා ඇත්තේ යුක්‍රේනයට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.යුක්‍රේනය එල්ල කළ දිගු දුර මිසයිල ප්‍රහාර පහක් ව්‍යර්ත කර ඇති අතර එක් මිසයිල ප්‍රහාරයක් රුසියානු හමුදා මර්මස්ථානයකට එල්ල වී ඇති බව සඳහන්ය.

රුසියානු විදේශ අමාත්‍යවරයා පවසන්නේ, අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය මඟින් යුක්‍රේන ගැටලුව තවදුරටත් වර්ධනය කිරීමට උත්සහ දරා ඇති බවයි.

More Stories