ජනාධිපතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් ඊයේ (21) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අද සිට (22) කොළඹ සිට දිවයිනේ සියලුම පළාත්වලට මෙම නිරීක්ෂකයින් පිටත්ව යාමට නියමිත බව යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා යුරෝපා සංගමයේ තවත් කෙටිකාලීන නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 12වැනි දින ශ්‍රී ලංකාවට පැමිණමට නියමිත බවයි.
එමෙන් ම නොවැම්බර් 12වන දා සාර්ක් කලාපීය රටවල නිරීක්ෂකයින් පිරිසක් ද මැතිවරණ කොමිසමේ ආරාධනය මත දිවයිනට පැමිණීමට ද නියමිතයි.