ඉදිරි ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මූලික මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ, අනුව ආකෘති මුද්‍රණය ඇතුළු විවිධ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම මේ වනවිට එම ආයතනයේ සිදුවෙමින් පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වෙයි.

පවතින සහ ඉදිරි මුද්‍රණ අවශ්‍යතා සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් අරමුදල් ලබාගැනීමට ක්‍රියාකාරී පියවර ගන්නා බවයි යි රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, අනුව එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා තේරීම්භාර නිලධාරීවරයා ලෙස පත්කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

Similar Posts