arest

රජයේ රැකියා ලබාදෙන බව පවසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් මිලියන තුනක මුදලක් වංචාකල බව කියන සිද්ධියකට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාවට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් ඔහුව තවදුරටත් මේ මස (31දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා (27දා)නියෝග කලේය.

වංචාව පිළිබදව සිදුකරන විමර්ශන අවසන්ව නැති බව අධිකරණයට දැන්වු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය සැකකරුගේ බිරිදගෙන්ද ප්‍රකාශයක් ගැනීමට ඇති බව අධිකරණයට දන්වා සිටියේය.ඒ අනුව ඊට අවසර ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර විනිසුරුවරයා ඊට අවසර ලබාදුන්නේය.

සැකකරු පසුගිය (20දා)අධිකරණයට ඉදිරිපත් කල අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර් ශන අංශයේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ අංක දෙක මැදවච්චිය පාර හොරොව්පොතාන ලිපිනයේ පදිංචි දඩැල්ලගේ නන්දනි කුමාරි රාජපක්ෂ මහත්මිය විසින් අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්.ගීගනගේ මහතාට සිදුකල පැමිණිල්ලකට අනුව සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

ෙසැකකරු සන්තකයේ තිබි රාජ්‍ය අංශයේ සේවා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලෙස සැකසු පුද්ගලයන් 42 දෙනෙකුගේ නම් ඇතුලත් ලේඛණ දෙකක් මුදල් බැංකු ගතකල බැංකු කුවිතාන්සි ජනාධිපති ලේකම් කාර් යාලයේ ලිපි ශිර් ෂය සහිත ලිපියක් ඇතුළු ලේඛණ රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති එදින අධිකරණයට දැන්වුවේය.

 

සැකකාර සභාපතිවරයා විසින් පැමිණිලිකාර කාන්තාව සමග හිතවත් කමක් ඇතිකර ගැනිමෙන් අනතුරුව රජයේ රැකියා ලබාදිය හැකි බව පවසමින් වංචාව සිදුකර තිබෙන බවත් ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරක් තිබෙනා බවත් ඇයට පවසා තිබෙන බව පොලිසිය එදින අධිකරණයට දැන්වුවේය.

සැකකරු විසින් විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදිම සදහා රුපියල් 60000ක මුදලක් ඛණිජ තෙල් සංස්ථාවේ රැකියාවක් ලබාදීම සදහා රුපියල් 150000 ක මුදලක් රජයේ රෝහල් සාත්තු සේවිකා රැකියාවක් ලබාදිමට රුපියල් 40000ක මුදලක් හා රජයේ රෝහල් ගිලන්රථ රියදුරු රැකියාවක් ලබාදිම සදහා රුපියල් 150000ක මුදල බැගින් රුපියල් තිස් ලක්ෂයක් සිය ගිණුමට බැරකරගෙන තිබෙනා බව පොලිසිය එදින අධිකරණයට කීවේය.

2016වසරේ අප්‍රේල් සිට සැකකරු විටින් විට මුදල් සිය ගිණුමට බැරකරගෙනා තිබෙනා බවත් වසර හතරකට අධික කාලයක් තිස්සේ රැකියා ලබාදෙන බවට පොරොන්දු ලබා දුන්නත් රැකියා ලබානොදිම නිසා පැමිණිලිකාර කාන්තාව විසින් තමන් ලබාදුන් මුදල් ආපසු ලබාදෙන ලෙසත් ඒවා මුදල් ලබාදුන් අයට නැවත ලබාදිමට අවශ්‍ය බව දැන්වුවත් සැකකරු ඊට විවිධ දේ පවසමින් මුදල් ලබාදිම මගහැර ඇති බව පොලිසිය මුල්වතාවට සැකකරු අධිකරණයට ඉදිරිපත්කල අවස්ථාවේ කීවේය.

සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ ශාන්ත පේමරත්න මහතාගේ ගිණුමකට අයත් චෙක්පතකින් පැමිණිලිකාරියට මුදල පියවීමට කටයුතු කර ඇතත් එම චෙක්පත මුදල් තැන්පත් නොකිරිම නිසා අගරුවී ඇති බවත් පොලිසිය අධිකරණයට එදින දැන්වුවේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කල ලිපියක අත්අකුරු කාන්තාවගේ අත්අකුරුද යන්න පරික්ෂා කිරිමට ලිපිය අත්අකුරු පරික්ෂකවරයාට යොමුක ඇතත් එහි වාර් ථාව පොලිසියට ලැබි නැති බව ඊයේ (27දා) පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් සිදුකරනා විමර්ශන තවදුරටත් සිදුකර ඉදිරි දිනයේදි එහි ප්‍රගතිය වැඩිදුර වාර් ථාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කල අතර එතෙක් සැකකරු තවදුරටත් දින හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනා ලෙස නියෝග කලේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගල්වඩුවාගම පහේ ඇල ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති දේශමාන්‍ය රත්නායක මුදියන්සේලාගේ නුවන් චාමර යන අයයි.

උතුරුමැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා අනුරාධපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාර කේ.එල් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස්මත අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශ අංශයේ ස්ථානාධිපත ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්ලිව්.එස් ගජසිංහ මහතාගේ මෙහෙයවීමෙන් තවදුරටත් පරික්ෂන පැවත්වේ.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

More Stories