පවතින බඩු මිල මිල හමුවේ මේ රටේ ජිවත්වන සියයට හැටක පමණ දුප්පත් ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
දැන් මේ රටේ අලුත් ආන්ඩුවක් පත් වෙලා මාස තුනක් පමන වෙනවා මේ කෙටි කාලය තුලදි මේ ආණ්ඩුව කියපු කිසිම දෙයක් කරලා නැහැ පසු ගිය මාස තුනට වඩා මේ වන විට බඩු මිල දැඩි ලෙස ඉහල ගිහින් තියෙන්නේ මෙම තත්වයන් මත මේ රටේ බොහෝ පිරිසක් දැඩි දුෂ්කරථාවයන්ට පත් වෙලා ඉන්නේ.
ජනාධිපති මැතිවරණයේදි මෙන්ම පාර්ලීමේන්තු මැතිවරණයේදිත් මේ අය කිවුවේ අපි බලයට පත්වුන ගමන් විදුලි බිල අඩු කරනවා අරක කරනවා මේක කරනවා කියලා ඒ වගේම බඩු මිල අඩු කරනවා ජනතානට අර සහන දෙනවා මේ සහන දෙනවා කිව්වා එත් අද වෙන තෙක් විදුලි බිල අඩු කරලාත් නැහැ බඩු මිල අඩු කරලාත් නැහැ.
සිද්ද වෙලා තියෙන්නේ පසු ගිය මාස තුනට වඩා බඩු මිල ඉහල ගිහින් ජනතාව දුෂ්කර තත්වයන්ට පත් විම විතරයි බඩු මිල ඉහල ගියත් මේ රටේ ජනතාවගේ ආදායම ඉහල ගිහින් නැහැ එම නිසා ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත් වෙලා තියෙන්නේ.
අද හාල් මිල පොල් මිල ඉහල යාමෙන් මේ රටේ බොහෝ පිරිසකට අතු කැකුළු හාල් බතයි පොල් සම්බලුයිවත් කන්න බැරි වෙලා තියෙන්නේ මෙම තත්වයන් මත අද මේ රටේ බොහෝ පිරිසකට දවසට තුන් වේල තියා එක වේලක්වත් හරියට කන්න බැරි තත්වයක් පවතින්නේ.
මෙම තත්වයන් පිලිබදව මේ රජය දැඩි අවදානයක් යොමු කල යුතුයි මේ රටේ වැඩි පිරිසක් මේ අයට ඡන්දය ලබා දුන්නේ විශාල බලාපොරෝත්තුවකින් එම ජනතාවගේ බලාපොරෝත්තු ඉටු කිරිමට මේ අය කඩිනමින් පියවර ගත යුතුයි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්